ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් කරන් නෑ – ඇමති

ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් කරන් නෑ – ඇමති

මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අද (04) පස්වරුවේදියි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

පසුගියදා ලංකා ගුරු සංගම් ලේකම් ජෝශප් ස්ටාර්ලින් විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කර, ඔවුන්ට පාසල වෙත පැමිණීමට පහසු ඇඳුමක් ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී ස්ටාලින් ප්‍රකාශ කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පැවරෙන බවයි.

ඊට පිළිතුරු ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.

මේ අතර ජෝශප් ස්ටාර්ලින් කල ප්‍රකාශයට ඇතැම් ගුරුවරුන් සිය මනාපය පළ කළ ද, ඇතැම්හු ඊට එකඟ වූයේ නැහැ.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද අදහස් දක්වමින් සඳහන් කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම වනාහි පාසල් දරුවන්ගේ පටන් හික්මීම සහ විනය බිඳ දැමීමෙහි ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.

එහෙයින් ඊට දැඩි විරෝධය මහ සංඝරත්නයෙන් එල්ල වුණා.