බස් රථයක් පෙරළෙයි – 3ක් මරුට – 17ක් රෝහලට

වව්නියාව පොලිස් වසමේ ‘ඒ 09’ මාර්ගයේ නොච්චිමොටේ පාලම අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
අද (05) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව රියදුරු ඇතුළු තවත් මගීන් 17 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුරින් පිරිමි 08ක් සහ කාන්තාවන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23,32 පසුවන වැල්වැටිතුරෙයි හා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සෙසු මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති අතර, ඔහු වයස අවුරුදු 30-35ත් අතර පසුවන්නෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විමර්ශන සිදු කරනවා.

