අවන්හලක් ගිනි ගැනීමෙන් 15 දෙනෙකු මරුට

රුසියාවේ කොස්ට්රොමා නගරයේ රාත්රී අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රී බීමත් පුද්ගලයෙකු විසින් නර්තන වේදිකාව මත ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමක් සමඟ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අදාළ ගින්න හටගැනීමත් සමඟ එහි සිටි පුද්ගලයින් 250 ක පමණ පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර තිබුණා.

