මෙරට නිල සංචිත වත්කම පහළට

මෙරට නිල සංචිත වත්කම පහළට

සැත්තැම්බර් මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ චීන මහ බැංකු හුවමාරු පහසුකම ද ඇතුලත්වයි.

බැංකු අංශයේ දල නිල සංචිත සහ විදේශ වත්කම්වල සමස්ථ අගය ඩොලර් බිලියන 6ක්.

ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.2කින් පහත බැස ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර, 2021 වසරේ සැප්තැම්ර් මස අපනයන ආදායමට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස අපනයන ආදායම සියයට 4.3කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මෙම වසරේ සැප්තැම්බර් මස අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,079ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

නමුත් මෙම වසරේ අගෝස්තු මස අපනයන ආදායමට සාපේක්ෂව සැප්තැම්බර් මස අපනයන ආදායම පහළ බැස ඇත.

කෙසේවෙතත් මේ වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට ආනයන වියදම සැප්තැම්බර් මාසය තුළ සියයට 15.8කින් පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.