වැඳලා කියන්නම් ආයෙනම් නැගිටින්න එපා – පාඨලී චම්පික

වැඳලා කියන්නම් ආයෙනම් නැගිටින්න එපා – පාඨලී චම්පික

නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව 43 සේනාංකය නායක සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

ඔහු නැගිටින වරක් වරක් පාසා මේ රටේ ගොවියා ගොවි කමින් ඈත්වෙන බවත් ඇති හැකි මිනිහා රටින් පලා යන බවත් ඔහු කීවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක,

“මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ වැඳලා කියන්නම් නැගිටින්න එපා. මොකද අවුරුදු ගාණක් අමාරුවෙන් මේ රටේ මිනිස්සු හදාගත්ත, මේ දැවැන්ත සමාජ ප්‍රාග්ධනය, ඔයා නැගිටින්න හදන හැම වාරයක් පාසාම රටෙන් යනවා. මොකද තිත්ත වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ මේ විකාරේ දැකලා දැකලා. ඒක නිසා කරුණාකරලා ඒ උත්සාහය දරන්න එපා. පැත්තකට වෙලා ඉන්න තරමට මේ රටටත්, අනාගතයටත් හොඳයි. මොකද මිනිස්සුන්ට මේක තේරෙන්න, තේරෙන්න ආයි මේ පරණ චක්‍රයම කැරකෙනවා. බැසිල් මහත්තයා නැවත එනවා. ගෝඨාභය මහත්තයා නැවත එනවා. මේවා මතක් වෙන්න වෙන්න. මේවා වෙනස් කරන්න බෑ කියන වෙන්න වෙන්න විශ්වාසය මොකද ඇති වෙන්නේ? ගොවියා පලා ගියා වගේ, වැඩ කරන ජනයා පාරට වගේ, ඇති හැකි රට දාලා ගියාට පස්සේ රටේ ඉතුරු වෙන්න දෙයක් නැහැ.

අපිට දැන් වගකීමක් තියෙනවා මේ ආර්ථික ක්‍රියාවලිය ගැන. මුදල් අමාත්‍යාංශයත් ආර්ථික අන්තවාදයක ඉන්නේ. එක පැත්තක් ගැන විතරයි හිතන්නේ. මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. බදු වැඩි වැඩිකරගෙන වැඩි කරගෙන යන කොට මොකද කර්මාන්ත වලට වෙන්නේ? මොකද ව්‍යාපාරවලට වෙන්නේ? මොකක්ද වෘත්තීයවේදියාට වෙන්නේ කියලා හොයන්නේ නැහැ. සමාජ සමීක්ෂණයක් කරලා ඒ අනුව ඕන කටයුතු කරන්න.” යනුවෙන්