Breaking News :- ගෑස් මිල ඉහළට

Breaking News :- ගෑස් මිල ඉහළට

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවා තිබේ.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ, කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ නැංවා ඇති බවය.

කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 30කින් ඉහළ නැංවෙන අතර කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 15කින් ඉහළ නැංවෙන බව එම සමාගම සඳහන් කළේය.