පින්බර ඉල් පොහොය අදයි

පින්බර ඉල් පොහොය අදයි

ලෝක වාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (07) දිනට යෙදී ඇත

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි

කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කඨින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනය වන අද දිනයි.

අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ.