සුදු ලළනාවන්ගේ පහස විදින්න ගිය ධනිෂ්කට වැඩ වරදී – සියළු ආකාරයේ ක්‍රිකට් තහනම් වෙයි

සුදු ලළනාවන්ගේ පහස විදින්න ගිය ධනිෂ්කට වැඩ වරදී – සියළු ආකාරයේ ක්‍රිකට් තහනම් වෙයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බව වාර්තා වේ.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනිෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (06) වාර්තා වුණි.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනිෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගත්තේය.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අද (07) රාත්‍රියේ සිඩ්නි හි Silverwater බන්ධනාගාරය වෙත රැගෙන යන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ස්ත්‍රී දූෂක චෝදනාවට මේ වනවිට සිඩ්නි පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් තහනම් නියෝගයක් පනවා තිබෙනවා.

ඒ සියලු ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහුට ඇති අයිතිය තහනම් කරමින්.

අද දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට මෙම වාරණය පනවනු ලැබුවා.

මේ අතර ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් විසින් ම වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

අද (07) පෙරවරුවේ ඔස්ට්‍රෙලියාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

https://ab.co/3fIEMYs