ජනපති රනිල් බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

ජනපති රනිල් බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර හමුවක් අද (07) සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් ඇති අතර එහිදී මෙම හමුව සිදු ව ඇති බව මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් ව ඇත.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද සහභාගි වී තිබේ.

COMMENTS