හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් දකුණු මුහුදේ දී අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් දකුණු මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අද (07) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.

එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් 10 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ධීවර යාත්‍රා දෙකක් සහ එක් ඩිංගි යාත්‍රාවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරුවන් හම්බන්තොට පොලිසියට භාරදීමට නියමිතයි.