ප්රබල භූ කම්පනයක්

නේපාලයේ – කත්මන්ඩු අගනුවර අද අලුයම රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ 19 වනදා ද නේපාලයේ – කත්මන්ඩු අගනුවර භූමිකම්පාවක් හටගෙන තිබූ අතර එය දැක්වුණේ රික්ටර් මාපක 5.1 ක් ලෙසයි.
මෑත කාලයේදී නේපාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ භූමිකම්පා හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වී ඇති අතර එවැනි ආපදා කළමණාකරණයට නේපාල රජය මැදිහත් විය යුතු බවයි බලධාරින් පෙන්වා දෙන්නේ.

