රුධිරය එකතු කර ගැනීම සීමා වීමේ අවදානමක් – ලේ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රුධිරය එකතු කර ගැනීම සීමා වීමේ අවදානමක් – ලේ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් බී හා සී රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ පවසනවා.

එය යථාවත් කර ගැනීමට නො හැකි වුව හොත් බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වන බව යි වෛද්‍යවරිය පවසන්නේ.

සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික වී ඇතත් ඒ සඳහා විශාල මුදලක් ගෙවිය යුතු බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් රුධිරය එකතු කර ගැනීම ද යම් සීමාවකට ලක් වී ඇති බව සඳහන්.

මේ නිසා ඉදිරි සතියේ රුධිර කඳවුරු පැවැත්වීමේ දී රිධිර ධායකයන් 50ක පමණ කුඩා කඳවුරු පමණක් සංවිධානය කරන ලෙස යි රුධිර පාරිවිලයන සේවය සඳහන් කරන්නේ.