ඩීසල් හා භූමිතෙල්වලින් රජයට තවමත් පාඩුයි – ඩී.වී චානක

ඩීසල් හා භූමිතෙල්වලින් රජයට තවමත් පාඩුයි – ඩී.වී චානක

ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22 ක් රජය පාඩු ලබන බවයි.

ලෝක වෙළඳපොළේ බොර තෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක වුවත් මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, යම් ලාබයක් තිබුණේ නම්, ජනතාවට එය ලබා දීමට කටයුතු කරන බවයි.

COMMENTS