ධනිෂ්ක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන කරුණු රැසක් එළියට

ධනිෂ්ක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන කරුණු රැසක් එළියට

ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ ලියකියවිලි මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ධනිෂ්ක ගුණතිලක වින්දිත තරුණියගේ ගෙළ සිර කර ඇති අතර එහිදී ඇයට “සිය ජීවිතය පිළිබඳ බියක්” දැනී ඇතැයි එම තරුණිය අනාවරණය කර ඇති බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරයි

එසේම එම වාර්තාවල දැක්වෙන පරිදි නිව් සවුත් වේල්ස් පොලිසියේ තොරතුරු පත්‍රිකාවෙන් හෙළිදරව් වී ඇත්තේ, වින්දිත කාන්තාවගේ නිවසේ දී, ධනිෂ්ක “බලහත්කාර” ලිංගික සංසර්ගයේ යෙදුනු බවත්, එම අවස්ථාවේ දී ඔහු තත්පර 20-30ක කාලයක් ඇගේ ගෙල වටා එක් අතක් යවමින් ඇයගේ ගෙල සිර කළ” බවයි.

එමෙන් ම විත්තිකාර ධනිෂ්ක විසින් තවත් දෙවරක් ඇයගේ ගෙල සිර කර ඇති බවට පොලිස් වාර්ථාවේ සඳහන් වන අතර, තුන්වන අවස්ථාවේ දී, විත්තිකරු විසින් ඇයගේ හුස්ම ගැනීම තත්පර හයකට සීමා කර ඇති බවත් වාර්තා වනවා.

මේ අතර විත්තිකරු විසින් ඇයගේ මැණික් කටුව වැරෙන් අල්ලාගෙන සිටි බව කියන වින්දිත කාන්තාව චෝදනා කර ඇත්තේ ඔහුගේ අත ඇයගේ මැණික් කටුවෙන් ඉවත් කිරීමට උත්සාහ කළත්, විත්තිකරු විසින් තවත් තත්පර 10ක් ඇගේ බෙල්ල වටා තදින් අත රඳවාගෙන සිටි බවයි.

ඊට අමතරව කොන්ඩම් නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීමට ඇය එකඟ නොවූ බව පවසන පැමිණිලිකාරිය පවසන්නේ, හුස්ම හිරවීම සම්බන්ධ ලිංගික සංසර්ගයට ද තමන් එකඟ නොවූ බව‍ යනුවෙන් අදාල පොලිස් තොරතුරු පත්‍රිකාවේ සඳහන් වන බව Sydney Morning Herald වාර්තා කරනවා.

මේ අතර එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, නිව් සවුත් වේල්ස් පොලිසියේ වාර්තාවන් ට අනුව වින්දිත කාන්තාව අදාල සිද්ධියෙන් අනතුරුව රෝහලකට ගොස් ඇති බවත් එහි දී ඇය ලිංගාශ්‍රිත වෛද්‍ය පරීක්ෂණකට සහ මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී තිබෙන බවයි.

කෙසේ නමුත් මෙම යුවළ කලින් හඳුනාගෙන නොසිටි බවත්, නොවැම්බර් 2 වැනි දා සිඩ්නි නුවර ඔපෙරා බාර් හි දී පෞද්ගලිකව හමුවීමට කටයුතු කිරීමට පෙර බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස විත්තිකාර ධනිෂ්ක විසින් කාන්තාවට දිරිමත් කළ බව අධිකරණ වාර්තාවේ දැක්වෙන බව Sydney Morning Herald දක්වනවා.

එපමණක් නොව මෙම යුවළ පැය භාගයක පමණ කාලයක් බාර් එකේ රැඳී සිටි අතර, ඔවුන් මත්පැන් පානය කර රාත්‍රී ආහාරය සඳහා ගොස්, වින්දිතයාගේ නිවසට ආපසු යාමට ඔවුන් ටැක්සියක් බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ අතරතුරත් විත්තිකාර ධනිෂ්ක විසින් වින්දිත කාන්තාව ව අනිසි ලෙස ස්පර්ශ කර ඇතැයි ද පොලිස් වාර්තාවල සඳහන් බව Sydney Morning Herald දක්වනවා.

මෙම නඩුව වාර්තා කිරීම ඇතැම් මාධ්‍යවලට වාරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලිසිය ඉල්ලීමක් කර තිබූ අතර මාධ්‍ය ආයතනවල අභියෝග කිරීම් හමුවේ එය ඉවත් කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මේ අතර අද පැවති නඩු විභාගයේ දී විත්තිකාර ක්‍රීඩකයා වෙනුවෙන් ඩිෆෙන්ස් බැරිස්ටර් සෑම් පරරාජසිංහම් සහ සොලිසිටර් සාරා බ්ලැක් පෙනී සිට තිබෙන බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමට පෙර පසුගිය ඉරිදා (06) උදෑසන ධනිෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ලිංගික චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ දී පසුගිය සඳුදා (07) නඩුව කැඳ වූ අතර විත්තිකාර ධනිෂ්කට ඇප ලබා දීම එහි දී ප්‍රතික්ෂේප වුණා.

ඒ අනුව ධනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර පිහිටි සිල්වර් වෝටර් බන්ධනාගාර‍යට යොමු කර ඇති අතර ඔහු මේ වන විට දින 10ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබෙනවා.

මෙම නඩු විමසීම ජනවාරි 12 වන දා යළි පැවැත්වීමට නියමිතය.

https://bit.ly/3UlfKgV