මාලදිවයිනේ ඇති වූ ගින්නකින් 1oක් මරුට

මාලදිවයිනේ ඇති වූ ගින්නකින් 1oක් මරුට

මාලදිවයිනේ ඇති වූ ගින්නකින් ඉන්දියානු ජාතිකයන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මාලදිවයිනේ මාලේ නුවර විදේශ ශ්‍රමිකයන් ලැගුම් ගෙන සිටි ස්ථානයක ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදු වී තිබෙනවා. තවත් විශාල පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනිගැනීමට ලක් වූ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිටි පිරිසයි මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

ගොඩනැගිල්ලේ ගරාජයේ ඇති වූ ගින්නක් මෙලෙස පැතිරී ගොස් තිබෙනවා. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් සඳහන් කර ඇත්තේ සිද්ධීය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් රැඳී සිටි වාසස්ථානයක හටගත් ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානියක් සිදුවී ඇතැයි වාර්තාවී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතික ශ්‍රමිකයින් පිරිසක් මෙම ස්ථානයේ රැඳි සිටි බවට වාර්තා වී තිබුණි.

ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් තිබූ අතර පුද්ගලයින් 09 දෙනෙකු පමණ අතුරුදන් වී තිබේ.

එහි රැඳි සිටි පුද්ගලයින් 28 දෙනෙකු ඉවත්කර ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී ඇත.

https://bit.ly/3A1QqEw