රුසියා යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2 කට බලපෑම්

රුසියා යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2 කට බලපෑම්

රුසියා යුක්‍රේන යුද්ධයේ ලක්ෂ දෙකක පිරිසක් මේ වන විට ඝාතනයට හෝ තුවාල ලැබීමට ලක්ව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා ප්‍රධානියෙකු සදහන් කර තිබෙනවා.

රුසියා සහ යුක්රේන පාර්ශව දෙකෙන්ම සමාන පිරිසක් යුද්ධයෙන් බලපෑමට ලක්ව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානියෙකු වන ජනරාල් මාර්ක් මිල්ලේ පවසනවා.

යුධ ගැටුම් නිසා සාමාන්‍ය වැසියන් හතලිස්දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ. දෙපාර්ශවය අතර සටන් විරාමයක් හෝ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට නම් පාර්ශව දෙකම එකිනෙකාට සමාන ලෙස ගරු කිරිම අවශ්‍ය වන බවද මාර්ක් මිල්ලේයි පෙන්වා දුන්නා.

https://bbc.in/3G4ANQM

COMMENTS