සංචාරක වීසා මගින් රට යෑමට උත්සාහ කළ 586කට වැඩ වරදී

සංචාරක වීසා මගින් නීති විරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා සංචාරක වීසා උපයෝගි කරගනිමින් මෙලෙස ඔවුන් විදෙස්ගතවීමට උත්සහ දරා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
මේ අතර සංචාරක වීසා මගින් ගෘහස්ත සහ නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්ට විදේශගතවීම වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා. එම තීරණය හෙට සිට ක්රියා්තමකයි.

