ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදු වුව හොත් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව අවධාරණය කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා සිටියේ, රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසු වන බව යි.

මේ අතර පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා වැඩි දුරටත් පාර්ලිමේන්තුවේදී කියා සිටියා.