අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක්

අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක්

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මේ වන විට අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් තමන් සතු වාහනවල නියම වටිනාකමට වඩා අඩු මුදලකට අලෙවි කිරීම මේ වන විට බහුලව සිදුවන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ වාහන තැරැව්කරුවන් අයථා අන්දමින් වාසි ලබා ගැනීම් සිදුකරන බවද වාර්තා වනවා.

මේ අතර වාහන අමතර කොටස්වල මිල ගණන් සියයට 500 කින් පමණ ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.