ගුවන් සංදර්ශනයක දී යානා දෙකක් ගැටෙයි (Video)

ඇමරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයක දී සිදුු වූ මෙම අනතුරින් විනාශ වී ඇත්තේ දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ගුවන් යානා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බෙල් පී 63කින්ග් කෝබ්‍රා සහ බෝයිං බී 17 යානාවක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර, ඒවායේ පුද්ගලයින් හයදෙනෙකු ගමන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

