මම සමගියට ගියේ නෑ – සුදර්ශනී

තමා සමගි ජන සංධානයට එකතු වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියන මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2023 වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු කාර්යය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් හමු වූ බවයි.
(මන්ත්‍රීවරිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්)


