ලෝක සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවේ

G 20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය.සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබේ.එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව විය.
බාලී හි සුපිරි හෝටලයක පැවති පැය තුනක හමුවේදී තායිවානය ඇතුළු පුළුල් පරාසයක මාතෘකා නායකයින් දෙපළගේ අවධානයට ලක්ව තිබෙනවා.
මෙහි දී චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමඟ පැවති සුහදශීලී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමඟ “නව සීතල යුද්ධයක්” ඇති නොවන බවට සහතික වී තිබෙනවා.



