මට හරිම සතුටුයි – ඩයනා ගමගේ

මට හරිම සතුටුයි – ඩයනා ගමගේ

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඔස්සේ 2023 වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන මෙරටට පැමිණෙනු ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ඩයනා ගමගේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්,

“මට හරිම සතුටුයි. සතුටු වෙන්න හේතුව තමයි මම මේක කතා කළේ මේ රට වෙනුවෙන්. මොකද මම දකිනවා මේක තුළින් මේ ලංකාව ගොඩ එන ක්‍රමයක්. මම දන්නවා ලබන අවුරුද්දට විතරක් මේකට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන ඇවිල්ලා මේ රටේ මේ කර්මාන්ත ටික පටන් අරගෙන අපට මේ වැඩේ කරන්න පුළුවන්. අපට මේ රට ගොඩදාන්න පුළුවන්” යනුවෙන්