ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි

අද වන විට ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරනවා.
එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වුණේ 2030 වසර වනවිට එය බිලියන 9.7 දක්වා වර්ධනය විය හැකි බවත් 2080 ගණන් වලදී බිලියන 10.4 ක පමණ ජනතාවකගේ උපරිම මට්ටමට ළඟා වීය හැකි බව පුරෝකථනය කර තිබෙනවා.
උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම සහ මරණ අනුපාතය අඩුවීම මීට හේතුවක් වන බවයි එහි දැක්වෙන්නේ.
ඉදිරියේ දී මරණ අනුපාතය තවදුරටත් අඩුවෙමින් 2050 වසරේ දී සාමාන්‍ය ආයු කාලය වසර 77ක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔවුන් නිකුත් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ.
2022 ලෝක ජනගහන දිනයට අනුව, 2023 දී ඉන්දියාව චීනය අභිබවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත.


