ආර්ථිකය ස්ථාවර නොවී ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි

ආර්ථිකය ස්ථාවර වනතුරු ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ වත්මන් ගැටලු පිළිබඳ ඉදිකිරීම් කර්මාන්තකරුවන් සමග ශ්රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය දැනටමත් ඉහළ මට්ටමක පවතින්නේ. ඉන්දියාව හෝ අනෙකුත් කලාපීය රටවල් සැලකූ විට එය ඉතා ඉහළ පිරිවැයක්. ඒ සඳහා එක් හේතුවක් වන්නේ ටයිල්, නානකාමර උපාංග ආදියට දේශීය ආරක්ෂණයක් බලාපොරොත්තු වීමයි. සිමෙන්ති සඳහාත් ඔවුන් එවැනි ආරක්ෂණයක් අපේක්ෂා කරනවා.“
“ඉදිකිරීම් ක්ෂේත්රයේ මෙරට වෙළෙදපොල මිල ගණන්, ගෝලීය මිල ගණන් නොවෙයි. දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහාත් ඔවුන්ට මිලක් ගෙවීමට සිදුවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළ පිරිවැය නිසා මෙරට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්රය සංවර්ධනය වන්නේ නැහැ. ඒ බොහෝදෙනාට දැරිය නොහැකි ඉහළ පිරිවැයක් පවතින නිසා.”
“එම පිරිවැය දැන් නව මානයකට ඉහළ ගොසින්. එවැනි පිරිවැයකින් ඉදිවන නිවාස මිලදී ගන්න ජනතාවගේ ආදායම් මට්ටමත් ඉහළ යා යුතුයි. දැනට ආදායමක් ලබන අය වුවත් පුද්ගලික අංශයේ ඉදිකිරීම් පිරිවැය දැරිය හැකි මට්ටමකට එළඹෙන තුරු සිටිය යුතු වනවා.”
“වර්තමාන අර්බුදය නිසා රාජ්ය අංශයේ ඉදිකිරීම් යළි ඇරඹිමට කාලයක් ගතවේවි. එහෙත් එය දැන් ප්රමුඛතාවය නොවෙයි. ආර්ථිකය ස්ථාවර වූ විට එය ප්රමුඛතාවයක් බවට පත්වේවි. මම බලාපොරොත්තු වනවා ලබන වසරේදී එලෙස ආර්ථිකය ස්ථාවර වේවි කියලා.” යනුවෙන්

