රනිල් ඉදිරිපත් කළේ නිදහසින් පසු අසාර්ථකම අයවැයයි – පූජ්‍ය ලියන්වල හිමියන්

නිදහසින් පසු ප්‍රකාශිත අසාර්ථක ම අය වැය ප්‍රකාශනය මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ පවසති.
මහනුවරදී ඊයේ (15) මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ කියා සිටියේ, මෙය අයවැය ප්‍රකාශයක් නොව රට, ජාතිය බහුජාතික සමාගම්වලට පාවා දෙන වචන හරඹයක් පමණක් බව ය.
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන්,
“වෙනත් රටක අය වැය ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ ඒ රටේ ආර්ථිකය, ජනතාවගේ ආර්ථිකය යම් තරමකින් හෝ නංවන්නයි. රටේ සම්පත් ආරක්ෂා කරන්නයි. මේ ප්‍රකාශිත අයවැය තනිකර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත සකස් කළ ලියවිල්ලක් පමණයි. මෙමගින් අධිරාජ්‍යවාදී විදේශිකයන් හට, විජාතික සමාගම්වලට අපේ රටේ භෞතික සම්පත් විකුණා දැමීම සඳහා පිඹුරුපත් සැකසීම පමණයි සිදු කෙරෙන්නේ. මේ රටේ ආර්ථිකය විනාශ කොට, ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින්, ජාත්‍යන්තරයේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට මේ රට පත්කරපු දේශද්‍රෝහී දේශපාලනඥයෝ තවමත් යහතින් උසස් තනතුරු හොබවමින් ඉන්නවා. වෙනසක් ඉල්ලා අරගල කරපු කණ්ඩායමේ පවා බහුතරයක් හිටියේ දේශපාලන අතකොළු බව දැන් හෙළි වුණා. ඒ අයත් මේවට වගකිව යුතුයි.
මේ ඉදිරිපත් කළ අයවැයෙන් අපේ රටට, ජනතාවට, සමාජයට, සංස්කෘතියට හෝ ආගමට, ආර්ථිකයට කිසිදු හෝ සේවාවක් ලැබිලා නෑ. නිකම්ම නිකම් වචන ගොඩක් කිව්වා විතරයි. මේ පුස් ලියවිල්ලට හුරේ දාන දේශපාලනඥයෝත් තවමත් රටේ ඉන්න එක ගැන අපිට පුදුමයි. ජනතාවට අවස්ථාවක් ලද විට මේ අයට වෙන දේ බලාගන්න පුළුවන්.” යනුවෙන්

