නයිජීරියාවේ දී ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට

නයිජර් ඩෙල්ටාවෙන් බොරතෙල් නීතිවිරෝධීව ලබාගැනීමට පැමිණි බවට චෝදනා ලද ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු නාවිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘හෙරොයික් ඉදුන්’ නැමති නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු 27 දෙනෙක්.
නයිජීරියානු නාවික හමුදා ප්‍රකාශක Commodore Adedotun Ayo-Voughan උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ, අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම පිරිස ලබන ජනවාරි 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවා තැබීමට නියමිත බවයි.
සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් ගැන සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශවලින් අවසර ඉල්ලා ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

