මෙරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වෙනවා

මෙරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වෙනවා

සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එබැවින් මෙම තත්ත්වය විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

මේ අතර තමන් ලද අත්දැකීමක් විස්තර කරමින් වැඩිදුරටත් කියා සිටියේ, වයස අවුරුදු 15දී ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවක් මෑතකදී තමා හමුවීමට පැමිණි අතර ඇයට විවාහ වීමට හැකි වන පරිදි ඇයගේ උසාවියේ නඩුව අවසන් කර ගැනීමට උදව් ඉල්ලූ බවයි.

එසේ ම වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින කාන්තාවන්ට රැකියා සඳහා විදේශ ගතවීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ගීතා කුමාරසිංහ වැඩි දුරටත් දැක්වූ අදහස්,

“ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවන්ට පොලිසියට පැමිණිලි කිරීමට නිසි පරිසරයක් නැහැ. හිරිහැරයක් ගැන පැමිණිලි කරන්න කාන්තාවක් ස්ටේෂන් එකකට එනකොට පොලිසියේ හැමෝම එකතු වෙනවා. රහස්‍යභාවය තහවුරු කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකම අවම වශයෙන් කාන්තා කොස්තාපල්වරියන් 13 දෙනෙකුවත් අවශ්‍ය බව සොයාගෙන තිබෙනවා,” රාජ්‍ය අමාත්‍යවරිය එහි දී පැවසුවා.

COMMENTS