Breaking News:- ධනිෂ්ක ගුණතිලකට ඇප – අධිකරණයෙන් කොන්දේසි රැසක්

Breaking News:- ධනිෂ්ක ගුණතිලකට ඇප – අධිකරණයෙන් කොන්දේසි රැසක්

ස්ත්‍රී දූෂණ චෝදනා හතරකට බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය විසින් ඇප ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු විසින් තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමක් වශයෙන්.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය.

මහෙස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.

*ඩොලර් 150,000 ඇපයක්
*දිනපතා පොලීසියට වාර්තා කළ යුතුය
*රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්ය
*ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය තහනම් ය.
*පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් ය.

https://bit.ly/3X7Z9iz