පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ වැඩක් ආණ්ඩුව ඡන්දයකට අරන් යන එක

පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ වැඩක් ආණ්ඩුව ඡන්දයකට අරන් යන එක

මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද(17) පාර්ලිමේන්තුවේ දී ඒ බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ, “ඒ බාධාව වන්නේ මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව ආණ්ඩුවට ඇති ඇඟ කිලිපොලා යන භීතිය යැයි ද, එනිසා ආණ්ඩුව මැතිවරණයකට රැගෙනයාම පිස්සු බල්ලෙක් නාවන්නට ගෙන යනවා වැනි අපහසු කටයුත්තක්” බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැතිවරයා, ජනතාව සහ රට නොමග යවන ප්‍රකාශයක් සිදු කරන බවත්, එය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසුවා.