පෙම්වතෙක් පෙම්වතියව 35කට කපා ශීතකරණයක දමලා

ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
පසුගිය මැයි 18දා ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ගෙල සිරකර මරා දැමු බවයි ඇයගේ පෙම්වතාවන අෆ්තාබ් අමීන් පූනාවල පවසා තිබෙන්නේ
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු ඇයව කැබලි 35කට කපා ඇති බවත් පසුව කොටසින් කොටස සිරුරු කොටස් බැහැර කර ඇති බවත්ය.
එමෙන් මළ සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිසිය සැකකාර පූනවාලා ඊයේ (16දා) උදෑසන ඔහු සිරුරේ කොටස් බැහැර කළ බව කියන වනාන්තරය ඇති ස්ථානයට ගෙන ගොස් ඇත.
වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය පවසයි.
මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාව අනුමත නොකළ වල්කාර්ගේ පවුලේ අය සමඟ ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලියට ගොස් තිබේ.
රාත්රියේදී ඔහු සිරුරු කොටස් පිටතට ගෙන අසල වනාන්තර ප්‍රදේශවලට බැහැර කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ
ශ්‍රද්ධා වෝකර්ගේ සිරුරේ කොටස් 35ක් ඇයව මරා දැමීමෙන් පසු වනාන්තරයට ඉවත් කළ බව අෆ්තාබ් විසින් ප්‍රකාශ කර තිබෙනවා
ඉන් පසුව වනාන්තරයෙන් ඇටකටු 10-13 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ
පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



