ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික හපනී

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳ පුවතක් එක්සත් රාජධානියෙන් මාධ්‍ය වාර්තා කරනවා.
අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබෙන අතර ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන තිබෙනවා.
අදාල පරීක්ෂණයෙහි එම දක්ෂතාව සටහන් වන්නේ “genius” මට්ටම ලෙස බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

එම දක්ෂතාව හේතු කොටගෙන ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබෙන අතර ඇයගේ එම දක්ෂතාව පිළිබඳ එරට මාධ්‍ය රැසක් ම කරුණු වාර්තා කොට තිබෙනවා.
හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලබන ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
මේ වන විට දස හැවිරිදි අරියානා දබරාව හේවගේ නම් ඇය බ්‍රිතාන්‍යයේ හර්ඩ්ස්ෆීල්ඩ්හි ශාන්ත ෆැට්රික් කතෝලික ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබනවා.
බ්‍රිතාන්‍යයේ මෙන්සා බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් ලබාගෙන ඇති අතර එය උපරිම ලකුණු මට්ටමට ළඟාවීමක් ලෙසයි සැළකෙන්නේ.
ඇල්බට් අයින්ස්ටයින් මෙම බුද්ධි පරීක්ෂණයෙන් ලබාගෙන ඇත්තේ ලකුණු 160ක් පමණක් වන අතර, මීට සතියකට පෙර ඉන්දීය සම්භවයක් සහිත වයස අවුරුදු 11ක සිසුවෙකුද මෙන්සා බුද්ධි පරීක්ෂණයෙන් ලකුනු 162ක් ලබා ගත්තා.
විනෝදාස්වාද අරමුණ මත පදනම්ව මාර්ගගත ක්‍රමයට මෙන්සා ජාත්‍යන්තර සංවිධානය පවත්වනු ලබන මෙම අන්තර්ජාතික බුද්ධි පරීක්ෂණයේදී සාමාන්‍ය බුද්ධිමය හැකියාව උරගා බැලීමක් සිදු කෙරෙනවා.


