ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ චලනයක්

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි.

මෙමගින් සිදුවූ හානියක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම නිවේදනය අදාළ ජාතික සහ අන්තර්ජාතික ආයතන සමඟ එකගත්වයෙන් නිකුත් කළ බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

https://bit.ly/3EjC43R