අයිස් මත්ද්‍රව්‍ය නිසා සියදිවි හානිකර ගැනීම් වැඩි වෙලා

අයිස් මත්ද්‍රව්‍ය නිසා සියදිවි හානිකර ගැනීම් වැඩි වෙලා

තරුණයන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවයද වැඩිවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන බව සඳහන්.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සමඟ ඇතිවන මානසික පීඩනය හේතුවෙන් ක්ෂණික තීරණ ගැනීම නිසා මෙලෙස සියදිවි හානිකර ගැනීම් ඉහළ ගොස් තිබෙනවා. ඇතැමුන් කාසි පවා ගිල දමමින් සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම මෙම සියදිවි හානි කරගැනීම් සාමාන්‍ය සියදිවි හානි කරගැනීම්වලට වඩා වෙනස් ලෙස සිදුවී ඇති බවටද අනාවරණය කරගෙන තිබෙනවා.

පෙර සැළසුම් කිරීමකින් තොරව කෙටි කාලයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් මෙම සියදිවි හානි කරගැනීම් සිදුකරගෙන ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.