ණය පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහනයක්

ලබාගත් ණය සඳහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඒ පිළිබඳ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළ බවයි
ණය පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් ඇතැම් ණය හිමියන්ගේ මුළු වැටුපම ණය වාරික සඳහා ගෙවීමට ඇති බව මන්ත්‍රිවරුන් එහිදී පෙන්වා දුන්නේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සඳහා අදාළ පොළිය පමණක් ගෙවීමට හැකි බවයි.
පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග උද්ධමනය ලබන වසර අග වනවිට සියයට 4 ත් 5 ත් අතර අගයක් දක්වා පහළ බසිනු ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

