පාසල් උපකරණවල මිල වැඩි වුණොත් කරන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

පාසල් උපකරණවල මිල වැඩි වුණොත් කරන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදු වනවා නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරය,

“සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණවල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදු කරනවා. යම් හෙයකින් අපේ රටේ ආදේශන ආනයනයක් හෝ තියෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්