අයවැයෙන් පසු පොහොට්ටුවට ඇමති පුටු ?

මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී එය ජයග්‍රහණය කිරීම සඳහා තම ඡන්දය ලබාදෙන්නේ අය-වැයෙන් පසුව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ යෝජිත මන්ත්‍රීවරුන් පත්කරන බවට සහතික වන්නේ නම් පමණක් බවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් විසින් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනේකු තවමත් ඇමැති මණ්ඩලයට පත්කිරීම ජනාධිපතිවරයා විසින් ඉවත දමා ඇති නිසා මෙලෙස යෝජනා කිරීමට තීන්දු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේ ම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (20) යළි දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමාත්‍ය ධුර 10 ක් පමණ ඉල්ලා ඇති බවත්, එය අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව සිදුවනු ඇති බව ත් වාර්තා වේ.

