මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අගමැති

ශ්රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු රටවල මිනිස් ජාවාරමට යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තාරාතිරම නොබලා නීතිය ක්රියාත්මක කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ, ඕමානයේදී ශ්රී ලාංකික කාන්තාවන් පිරිසක් ලිංගික සේවා සඳහා විකිණීම සම්බන්ධ සිදුවීම පිළිබඳව අදහස් දක්වමිනි.
මන්ත්රීවරුන් කිහිපදෙනෙකුම අද (19) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇත.
මේ අතර ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.

