රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේනයේ මිලියන 10ක් කළුවරේ

යුක්‍රේනයේ විදුලි බලය අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබෙනවා.
යුක්‍රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම සැප්රෝෂියා නගරයේ නිවාස සංකීර්ණයකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් හත්දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

