බැසිල් යළි එයි

බැසිල් යළි එයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා.

මීට ටික වේලාවකට (20) පෙර හිටපු අමාත්‍යවරයා රැගත් EK- 650 දරණ ගුවන් යානය පෙරවරු 8.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ බවයි වාර්තා වෙන්නේ.

ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පසු බැසිල් රාජපක්ෂ විසින් අර්බුද හටගෙන ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර, ඉදිරි දේශපාලන ක්‍රියාදාමය වෙනුවෙන් සිය පක්ෂයේ සංවිධායක කටයුතු සිදු කරනු ඇති.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි අතර, ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නලින් ප්‍රනාන්දු, දිලුම් අමුණුගම ආදී පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.

COMMENTS