අද ප්‍රදේශ කිහිපයකට වැසි – මුහුදු ගමන් තවදුරටත් අවදානම්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේ වනවිට දකුණු-මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බැවින් ප්‍රදේශ කිහිපයකට අද (20) දිනයේ දී වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වීමේ හැකියාවක් ද පවතිනවා.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිස්වනවා.
මේ අතර ඉදිරි පැය විසි හතර තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
එමෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයටද යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එම මුහුදු ප්‍රදේශ රළු වන අතර, වෙරළට ආසන්නව රළ මීටර දෙකත් තුනත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව ද සඳහන්.
මේ අතර ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩුපීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථානගතව පවතිනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තමිල්නාඩු පුදුච්චේරි වෙරළ වෙත ළඟාවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

