ට්රම්ප්ට ට්විටර් ගිණුම යළි හිමිවෙයි

ඇමරිකාවේ හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඇතැම් ජාතිවාදී ප්රකාශ හේතුවෙන් ට්විටර් සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් පසුගිය කාලය පුරාවට හිටපු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම තහනමකට ලක් කර තිබුණා.
නමුත් මේ වනවිට එම තහනම මස්ක් විසින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු හිටපු ජනාධිපති ට්රම්ප්ට යොදන ලද වාරණය ඉවත් කරන්නේ ද නැද්ද යන වග මහජනතාවගෙන් විමසීමකට ද ලක් කර තිබෙනවා.
ඒ සිය කැමැත්ත අකමැත්ත පෙන්වීමට මනාප පළ කිරීමට අවස්ථාව ජනතාවට හිමිකර දෙමින්.
ඒ අනුව යළි ට්රම්ප් වෙත සිය ට්විටර් ගිණුමෙහි සක්රීයකත්වය ලබාදීම සම්බන්ධයෙන් 51.8%ක එකඟතාවක් ජනතාවගෙන් මස්ක් වෙත හිමි වී තිබෙනවා.
ඩොනල්ඩ් ට්රම්ප්, 2021 වසරේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ කෝලාහාලයෙන් පසු සිය ට්විට්ර් ගිණුම මගින් පළ කළ අදහස්වලින් ප්රචණ්ඩත්වය අවුළුවාලීමේ අවදානමක් පවතින බව පවසමිනුයි ඔහුගේ ගිණුම එවකට ට්විටර් සමාගමේ හිමිකරුවන් විසින් තහනමට ලක් කරනු ලැබුවේ.
මේ සමඟ යළිත් ට්රම්ප්ගේ නිල ට්විටර් ගිණුමෙහි අයිතිය එලෝන් මස්ක් විසින් සක්රීය කර තිබෙනවා.

