මිසයිල අත්හදා බලද්දී කිම් ජොන් උන් සිය දියණියත් පළමුවරට එළියට දායි (Photos)

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය.
38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය.
මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.
කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත.
මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට විදෙස් මාධ්‍ය අනුමාන කර ඇත.





