වසර 53කට පසු මහතීර්ට පාර්ලිමේන්තු පුටුව අහිමි වෙයි

වසර 53කට පසු මහතීර්ට පාර්ලිමේන්තු පුටුව අහිමි වෙයි

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) වන දා පැවති මහ මැතිවරණයෙන් ඔහුට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වූ බව ය.

එය ආසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි දේශපාලනඥයකුගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට ඉඩ ඇති පරාජයක් බව එම වාර්තා පෙන්වා දී ඇත.

ඔහු මේ වන විට 97 වන වියේ පසු වෙයි.

“ඔහුට මන්ත්‍රී ධූරය අහිමි වූවා පමණක් නොව, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකකට වඩා ලබා ගැනීමට නොහැකි වූ නිසා ඇප මුදල් ද අහිමි වී වුණා,” යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය අඩ සියවසකට වැඩි කාලයකදී මහතීර් මොහොමඩ් අත්විඳි පළමු මැතිවරණ පරාජය ද වේ.

https://bit.ly/3ELUThp