උද්ධමනය අඩු වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට තුනකින් පහළ ගොස් තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 ක් ලෙස වාර්තාවූ අතර පසුගිය මාසයේ එය සියයට 70 යි දශම 6 ක් දක්වා පහළ බැස ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ.
ආහාර කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මාසයේ පහල බැස තිබෙනවා.
ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ලෙස සියයට 80 යි දශම 9 ක් ලෙස වාර්තා වී ඇති අතර එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4 යි දශම 9 ක පහල යාමක්. එමෙන්ම ප්‍රවාහන අංශයේ උද්ධමනයද සියයට 108 යි දශම 8 කින් පහත බැස තිබෙනවා.

