ලෝක කුසලාන පාපන්දු තරඟයේ පළමු ජය ඉක්වදෝරයට

ලෝක කුසලාන පාපන්දු සමාරම්භක තරඟයේදී සත්කාරක කටාර් රාජ්‍යයට එරෙහිව දෙකට බින්දුවක විශිෂ්ට ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණා.
පළමු අර්ධයේ සිටම කටාර් පිල සම්පූර්ණයෙන්ම අභිබවා යමින් ඉක්වදෝරය ක්‍රීඩාංගණය පුරා සිය ආධිපත්‍යය පතුරුවනු ලැබුවා.
පළමු ගෝලය දඬුවම් පහරක් වූ අතර, දෙවන ගෝලය ඉක්වදෝර ක්‍රීඩක එනර් වැලෙන්සියා විසින් සිය හිසින් පහරදීමෙන් වාර්තා කළා.
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, සෙනෙගල් සහ නෙදර්ලන්තය ඒ කාණ්ඩය යටතේ තරග වදිනවා.
එංගලන්තය සහ ඉරානය බී කාණ්ඩය යටතේ අද තරඟ වැදෙනු ඇති.


