තවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය ආසන්නයේ පිහිටි සොලමන් දූපත්වල රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.

භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළද මේවනවිට එය ඉවත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් පසුව රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුත් පසුකම්පන 3ක් සිදුව ඇති බවයි.

ඉන්දුනිසියාවේ ජාවා දූපත්වල රික්ටර් මාපකයේ ඒකක 6යි දශම 8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඊයේ සිදුවූ අතර ඉන් 162කු මියගොස් සිය ගණනක් ජනතාව තුවාල ලැබුවා.

https://bit.ly/3TWQKM6

COMMENTS