හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ශ්‍රී.ල.නි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර ඒ වෙනුවට තිලංග සුමතිපාල පත් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරික වරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කර තිබෙනවා.
ඒ මෙතෙක් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න එම ධුරයෙන් ඉවත් කරමින්.
මීට අමතරව ඊයේ (21) රැස් වූ මධ්‍යම කාරක සභාව අද (22) පැවැත්වෙන අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විරුද්ධව ඡන්දය දීමටත් තීරණය කර තිබෙනවා.

