තුර්කියේ භූ කම්පනයක් (Video)

බටහිර තුර්කියේ ඩුඒස් නගරයේ රික්ටර් මාපාංක 6ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර 130ක් දුරින් පිහිටි මෙම නගරයේ කිලෝමීටර 3.9ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.
එමෙන්ම රික්ටර් මාපාංකයේ 3.9ක පසු කම්පනයක්ද වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

