මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව පරාජය කිරීමේ ජය සමරන්න අද සෞදි අරාබියාවටම නිවාඩු

අද නොවැම්බර් 23 වැනි දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, ඊයේ (22) සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට එරට පුවත් සේවයන් වාර්තා කරනවා.
එම පුවත් වාර්තා අනුව දැක්වෙන්නේ FIFA ලෝක කුසලානයේ ඊයේ (22) පැවති තරඟ යෙන් සෞදි අරාබි කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්රහණය සැමරීම සඳහා යි.
ප්රබල ක්රීඩක ලයනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම 2-1ක් වශයෙන් දෝහා හි ලුසේල් ක්රීඩාංගනයේ දී සෞදි අරාබි කණ්ඩායම විසින් පරාජයට පත් කිරීම හේතු කොට ගනිමින් මෙම නිවාඩුව ප්රකාශ කළ සෞදි රාජධානිය එම විශේෂ නිවාඩුව එරට රාජ්ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් ලබා දී තිබෙනවා.
ලෝක කුසලාන තරඟයක ජයග්රහණයකින් පසු කිසියම් රටක් රජයේ නිවාඩු දිනයක් ප්රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 1990 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ආජන්ටිනාවට එරෙහිව කැමරූන් රාජ්ය දැක් වූ මේ හා සමාන ම දක්ෂතාවක් නිසා, ඊට පසු දින කැමරූන් හි නිවාඩු දිනයක් ප්රකාශයට පත් කර තිබෙනවා.

